/
/
title icon
පාපන්දුවේ අගරජු ලියොනල් මෙසී ඉන්දියාවට
පාපන්දුවේ අගරජු ලියොනල් මෙසී ඉන්දියාවට
News Editor
21 hours ago
Share:
පාපන්දුවේ අගරජු ලියොනල් මෙසී ඉන්දියාවට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද අලුයම කොල්කටා නුවරවෙත පැමිණියා. 

මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

එමෙන්ම, ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරකර ඇති බව සඳහන්. 

මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ 'GOAT India Tour 2025' ලෙසයි. 

ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇති අතර, අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබෙනවා. 

මෙසී සිය ඉන්දීය සංචාරයේදී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි හිදි විශේෂ උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිතව ඇති අතර, කොල්කටා නුවර අද පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්, ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සව්රව් ගංගුලිද සහභාගිවීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required