දෙසැම්බර් මස 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව පාර්ලිමේන්තුව කැඳවන බව එහි සඳහන්.
ඒ අනුව දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව එහි දැක්වෙනවා.