දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද ප්‍රකාශ කළේ පැවැති ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,164ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, ආපදා තත්ත්වයෙන් තවත් නිවාස 112,110ක් අර්ධ වශයෙන් හානියට ලක්ව ඇතැයිද ඔවුන් පවසනවා.
මෙම නිවාස හානි අතුරින් පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,013ක් ආපදාවෙන් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව තිබෙනවා.
දෙවැනියට වැඩිම පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවස 767ක් පූර්ණ හානියට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
නිවාස අර්ධ හානි වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.
ඒ අනුව එහි නිවාස 21,137ක් අර්ධ හානියට ලක්ව තවත් නිවාස 632ක් පූර්ණ හානියට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.