පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි සඳහන්.
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේදී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කළා.
පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.