/
/
title icon
යුරෝපා සංගමයේ ආපදා ආධාර ඉහළට
යුරෝපා සංගමයේ ආපදා ආධාර ඉහළට
News Editor
17 hours ago
Share:
යුරෝපා සංගමයේ ආපදා ආධාර ඉහළට

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.

බෝයිං - 747 - 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන රටවලට අයත් ආධාර රැගෙන එනු ලැබුවා.

ජර්මානු ආධාර ලෙස යුරෝ ලක්ෂ 05ක් වටිනා ආපදා ආධාර තොගයක් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ මානුෂීය ආධාර ලෙස කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට ඇතුළු ආධාර තොගය මෙලෙස අද රැගෙන එනු ලැබූ බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required