පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද ප්‍රකාශ කළා.
දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි ඔහු කියා සිටියේ.
ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළුඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටිය යුතුයි.
එමෙන්ම, කලාවැව ද්‍රෝණියට අයත්, කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බැවින්, පෝෂිත ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදි එම ජලාශද වාන් දැමිය හැකි බවත්, මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින්, එම ජලාශද ඉදිරියේ දී වාන් දැමීම සිදුවිය හැකි බව ඔහු සඳහන් කළා.
තවද, කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකථනයකට අනුව, වාන් ජල ප්‍රවාහය වැඩි විය හැකි බැවින්, ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් වලට ළඟාවීමෙන් වළකින ලෙස ද ලෙස කාරුණිකව දන්වා සිටිමි.