/
/
title icon
ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකටත් හානි
ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකටත් හානි
News Editor
3 hours ago
Share:
ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකටත් හානි

කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි 2,000 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි වාර්තා වනවා. 

මින් ඇතැම් ගොඩනැගිලි ඒවා තිබුණු ස්ථානවලින් වෙනත් තැන්වලට ගෙන යෑමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළා. 

එම ගොඩනැගිලි පෙර ස්ථානවල නැවත ස්ථාපනය කිරීම අවදානම් සහගත බවද පෙනී ගොස් ඇතැයි සඳහන්. 

කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි වලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ගංවතුරින් රජයේ ගොඩනැගිලිවල තිබූ ලිය කියවිලි  විසි දහසකට වැඩි ප්‍රමාණයක්ද විනාශ වී ගොස් තිබෙනවා‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required