ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවා.
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙක්.
1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකම් කියනවා.
1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ 'කෙටි වලිගය' චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවුණා.
එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණා.