/
/
title icon
ආපදාවෙන් ගොඩඑන්න ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක්
ආපදාවෙන් ගොඩඑන්න ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක්
News Editor
16 hours ago
Share:
ආපදාවෙන් ගොඩඑන්න ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක්

‍'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියා.‍

'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required