/
/
title icon
සුනාමියට වසර 21යි - අදත් විනාඩි දෙකක නිහැඬියාවක්
සුනාමියට වසර 21යි - අදත් විනාඩි දෙකක නිහැඬියාවක්
News Editor
1 hour ago
Share:
සුනාමියට වසර 21යි - අදත් විනාඩි දෙකක නිහැඬියාවක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් එල්ල කර, ජීවිත 35000කට අධික ජීවිත සංඛ්‍යාවක් බිලිගත් සුනාමියට අදට වසර 21ක් සපිරෙනවා. 

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා  සිදු වූ භූ කම්පාවක් හේතුවෙන් ඇති වූ සුනාමි රළට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් මුහුණ පෑවා. 

එමඟින් ශ්‍රී ලාංකිකයන්  35,000කට අධික පිරිසක් මියගොස්  5000කට අධික  පිරිසක් අතුරුදන් වුණා. 

ඉතා විශාල දේපළ රැසක් ද ඉන් විනාශයට පත්වුණා. 

දුම්රියක් ද සුනාමි රළපහරට අසුව ගසාගෙන පැරෑලිය දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

සුනාමියෙන් මියගිය පිරිස සිහිකර  පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ සැමරුම් පිංකමක් පැවැත්වුණා. 

සුනාමි  ආපදාවෙන්  මියගිය සහ  අතුරුදන්  වූ පිරිස් සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required