පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාට ජංගම දුරකථනවලින් අමතා වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කිහිපදෙනකු මරණීය තර්ජනය කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසනවා.
එසේම, මන්ත්‍රීවරයාගේ මල්ලාකම් , කන්කසන්තරය පාර අංක 80/14 ලිපිනයේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයට පොලිස් ආරක්ෂාවද ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
පෙරේදා මන්ත්‍රීවරයාට දුරකථන අංක දෙකකින් ඇමතුම් ගෙන මරණ තර්ජන සිදුකරන බවට 119 ඇමතුම් මධ්‍යස්ථානය මගින් තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි සඳහන්.