/
/
title icon
පොඩි මිනිහාගේ වාහන බදු අඩුකරන්නැයි ඉල්ලීමක්
පොඩි මිනිහාගේ වාහන බදු අඩුකරන්නැයි ඉල්ලීමක්
News Editor
2 hours ago
Share:
පොඩි මිනිහාගේ වාහන බදු අඩුකරන්නැයි ඉල්ලීමක්

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා. 

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසයි. 

මධ්‍යම පාන්තික සාමාන්‍ය ජනතාව මිලදී ගනු ලබන Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද පහත දමන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් ගෙවිය යුතු බවත්, එය මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් බවත් ප්‍රසාද් මානගේ මහතා පවසනවා. 

මේ අතර, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසුවා‍.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required