නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් සිදුනොවූ අතර, ඒ පිළිබඳ අදහස් දක්වමින්බ න්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත්, සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇතැයි වාර්තා වනවා.