කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 2 කින් ජයග්‍රහණය කිරීමට එහි පාලන බලය හිමි ජාතික ජනබලවේගය අද සමත් වුණා.
පසුගිය 22 වැනිදා පළමු වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්වූ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වරට අද සභාවට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අයවැයට පක්‍ෂව ඡන්ද 58 ක් හිමිවූ අතර, විරුද්ධ ඡන්ද 56 ක් හිමිවුණා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනි ෆාතිමා සුහාරා බුහාරි මහත්මිය ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
සභිකයින් 03 දෙනෙකු අයවැය ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ රැඳී සිටියේ නැහැ.