/
/
title icon
පාසල් කාලයේ වෙනසක් නැහැ - 1 සහ 6ට නව ප්‍රතිසංස්කරණ ජනවාරි 29 සිට
පාසල් කාලයේ වෙනසක් නැහැ - 1 සහ 6ට නව ප්‍රතිසංස්කරණ ජනවාරි 29 සිට
News Editor
4 months ago
Share:
පාසල් කාලයේ වෙනසක් නැහැ - 1 සහ 6ට නව ප්‍රතිසංස්කරණ ජනවාරි 29 සිට

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද රාත්‍රියේ මේ බව කියා සිටියා. 

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට නිකුත් කරන බවද එහි සඳහන්.

ඒ අනුව,

  • 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතිනවා. 
    රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භවීමට නියමිතයි.
  • 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7ක්.
  • එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරේ.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී  ක්‍රියාත්මක වනවා.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිතයි.
  • 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදායි.
  • 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.
  • අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇත.
  • 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required