/
/
title icon
ඉඩම් ආරවුලක් නිසා තිදෙනෙකු ඝාතනය කෙරේ
ඉඩම් ආරවුලක් නිසා තිදෙනෙකු ඝාතනය කෙරේ
News Editor
4 months ago
Share:
ඉඩම් ආරවුලක් නිසා තිදෙනෙකු ඝාතනය කෙරේ

මාවනැල්ල, කෝන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකුට අද පස්වරු 4 ට පමණ තියුණු ආයුධයකින් ඇණ පහරදී තුවාල සිදුකර තිබෙනවා. 

එහිදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි මාවනැල්ල පොලීසිය සඳහන් කළේ. 

තවත් එක් කාන්තාවක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අදාළ මෘතදේහ මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. 

33 හැවිරිදි සැකකරු මාවනැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required