ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනයවෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් නැගෙනහිර,මධ්‍යම, උතුරු - මැද, සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා.
උතුරු පළාතේ වැසි වාර කීපයක් ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා.