පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් සංඛ්‍යාව වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.
මෙම වසරේ එම ප්‍රමාණය බහාලු 8,290,000 ක්.
මෙම වාර්තාගත බහාලුම් මෙහෙයුම් කොළඹ වරායේ ඇති බහාලු පර්යන්ත වන, වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය සහ අනෙකුත් පර්යන්තයන්ගේ සාමුහික ප්‍රයත්නයක්.
2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදු කල බහාලු ප්‍රමාණය හැත්තෑහත් ලක්ෂයක් පමණ වන බවත් 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කළ බවත් අමාත්‍යාංශය සඳහන් කළා.