/
/
title icon
මහනුවර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
මහනුවර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
News Editor
3 hours ago
Share:
මහනුවර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ

මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණා.

එහෙත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව දැනුම් දී තිබුණේ පසුගිය ජූලි මාසයේ සිටයි.

ඒ අනුව මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා. 

කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදුන්නද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required