2026 ජනවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ පවසනවා.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සටහන් වනවා.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.
මේ අතර, ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 මිල රුපියල් 150කින් ඉහළ දමන බව එම සමාගම නිවේදනය කළා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 4,250 ක්.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ ගොස් ඇති අතර නව එහි නව මිල රුපියල් 1,710 ක් වනවා.