ප්‍රකාශන අයිතිය ගැන ඔබ දැනුවත්ද?
වර්තමානයේදී සමාජමාධ්‍ය ඇතුළු නව මාධ්‍ය ආගමනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශන අයිතිය කඩකිරීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබේ. බුද්ධිමය දේපළ නීතිය යටතේ පවතින සංකල්පයක් වන ප්‍රකාශන අයිතිය, බුද්ධිමය දේපළ බුද්ධිමය දේපළ නොවන ලෙස දෙයාකාර වේ. දේපළක තිබෙන වැදගත්ම ලක්ෂණයක් වන්නේ එහි ඇති මූල්‍යමය වටිනාකමයි. බුද්ධිමය දේපළ යනු බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරනු ලබන දේවල් වන අතර ආර්ථික සහ සමාජයීය වශයෙන් පැවැත්මට බාධාවක් වන විට බුද්ධිමය දේපළ නීතිය අවශ්‍ය වේ. අතීතයේදී පෙරදිග රටවල ඥානය ඉදිරියට ගමන් කිරීම පරම්පරානුගතව සිදුවූ නමුත් කාලය ගතවන විට ඒවායෙහි ගුණාත්මකභාවය අඩු විය. නමුත් යුරෝපා රටවල එම අයිතිය නිශ්චිත කරගන්නා ක්‍රමයක් තිබුණු නිසා ඥානය තවදුරටත් නොනැසී දියුණු විය. ඒ නිසාම පර්යේෂකයන් ,විද්‍යාඥයින් බිහිවිය. මිනිසුන් තමන්ගේ බුද්ධිය මෙහෙයවා කරනු ලබන කටයුතුවලදී ආදායමක් ලැබෙන නිසා එය වෙනත් අයෙක් භාවිතා කරන්නේ නම් අවසර ලබා ගත යුතුව තිබුණි. එම නිසා බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ සංකල්පය ඉතා වැදගත් විය. Stetute of Anne යනුවෙන් 1709 දී පළමුව බ්‍රිතාන්‍යයෙහි ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් නීතියක් සම්මත කරන ලදී. එමගින් බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලදී නිර්මාණ ශිල්පියාගේ අවසරයකින් තොරව ඔහුගේ දේවල් වාණිජමය කාර්යයන් සඳහා යොදවා ගත නොහැකි බව දක්වන ලදී. ඉන් පසුව යුරෝපීය රටවල් එකතු වී යුරෝපීය සම්මුතියක් ඇතිකර ගත්තේය.
ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීති තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන විට ශ්‍රී ලංකාවේ මුලින්ම ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් නීතියක් ගෙන එන්නේ 1898 දීය. එය ප්‍රකාශන අයිතිය ආඥා පනත ලෙස හැඳින්වූ අතර 1979 වනතුරු එය ක්‍රියාත්මක විය. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1979 අංක 5 දරණ බුද්ධිමය දේපළ නීති සංග්‍රහය සකස් විය. දැනට ක්‍රියාත්මක වන 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධ නීති ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන අයිතිය නීතියට අදාල ලේඛන ආරක්ෂිත කෘති ලෙස හැඳින්වේ.
(අ) පොත්, පත්‍රිකා ,ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියකියවිලි
(ආ) කතා,දේශන, ඇමතීම් අනුශාසනා සහ වෙනත් වාචක කෘති.
(ඇ) නාටකීය හෝ ගීත නාටකීය කෘති ,අභිරූපණ,නෘත්‍ය විද්‍යාත්මක කෘති සහ වේදිකා සඳහා වන නිෂ්පාදන වශයෙන් නිෂ්පාදිත වෙනත් කෘති
(ඈ) (ඇ) ඡේදයේ නිශ්චිතව සඳහන් කෘති වේදිකාගත කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සහ එවැනි නිෂ්පාදන සඳහා යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන වේදිකාගත කිරීම සඳහා නිෂ්පාදනය කිරීම.
(ඉ) සංගීතය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති
(ඊ) ශ්‍රව්‍ය දෘෂ්‍ය කෘති
(උ) ගෘහ නිර්මාණ ශිල්පීය කෘති.
(ඌ) චිත්‍ර, පින්තාරු කිරීම්, මූර්ති ,කැටයම් හෝ ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්තම් සහ වෙනත් ලලිත කලාත්මක කෘති
(එ) ඡායාරූපමේය ශිල්පීය කෘති
( ඒ) ව්‍යවහාරිකාව කෘති
(ඩ) භූගෝල විද්‍යාව සහ භූ ලක්ෂණ විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පීය හෝ විද්‍යාව හා සම්බන්ධ සිතියම්, පිඹුරු, කටුසටහන් සහ ත්‍රිමාණ කෘතිය ඇතුළත් වේ.
ප්‍රකාශන අයිතියේ නීතියට අදාළ නොවන ලේඛන අනාරක්ෂිත කෘති වන අතර බොහෝවිට මිනිසුන්ගේ දැනුවත්භාවය උදෙසා පොදු වූ දේවල් ප්‍රකාශන නීතියට ඇතුළත් නොවේ.
(අ) කෘතියක ප්‍රකාශ කර, විස්තර කර, පැහැදිලි කර, ගැබ් කර තිබුණද යම් අදහසක් ක්‍රියාවලියක් ක්‍රියාපිළිවෙලක් ක්‍රියා කරවීමේ ක්‍රමයක් සංකල්පයක් ප්‍රතිපත්තියක් තම සොයා ගැනීමක් හෝ හුදෙක් දත්ත.
( ආ)ව්‍යවස්ථාදායක පරිපාලනමය හෝ නීතිමය ස්වභාවය වන යම් නිල පාඨ හෝ ඒවායේ නිල පරිවර්තන.
(ඇ) ප්‍රසිද්ධ කරනු ලබන, විකාශනය කරනු ලබන හෝ වෙනත් යම් ආකාරවලින් පොදුවේ නිවේදනය කරනු ලබන දෛනික ප්‍රවෘත්ති ඇතුළත් වේ.
ප්‍රකාශන අයිතිය යටතේ ආර්ථික අයිතිවාසිකම් පැවරීම හා සදාචාර අයිතිවාසිකම් වශයෙන් අයිතිවාසිකම් වර්ග දෙකකි. සමහර අවස්ථාවලදී ප්‍රකාශන අයිතිය සාධාරණව භාවිත කළ හැක. විවේචනය ,අදහස් දැක්වීම, ප්‍රවෘත්ති වාර්තාකරණය, ඉගැන්වීම ,පර්යේෂණ කටයුතු සඳහා පිටපත් නිෂ්පාදනය එවැනි අවස්ථා වන අතර නමුත් එහිදී සාධක කිහිපයක් සලකා බලනු ලබයි.
(අ) එම භාවිතය වාණිජ ස්වභාවයක්ද නැත්නම් ලාභ නොලබන අධ්‍යාපනික කාර්යයක් සඳහාද යන වග.
( ආ ) ප්‍රකාශන අයිතිය සහ කෘතියෙහි ස්වභාවය
(ඇ) ප්‍රකාශන අයිතිය සහිත සම්පූර්ණ කෘතියට සාපේක්ෂව ප්‍රයෝජනයට ගෙන තිබෙන කොටසේ ප්‍රමාණයට සහ එකී සාරානුකූලභාවය
( ඈ) ප්‍රකාශන අයිතිය සහිත කෘතියේ විභව වෙළෙඳපුල කෙරෙහි හෝ එහි වටිනාකම කෙරෙහි එකී භාවිතයට ගැනීමෙන් ඇතිවිය හැකි බලපෑම.
ප්‍රකාශන අයිතිය හා බැඳුණු ආර්ථික හා සදාචාරාත්මක අයිතිවාසිකම් කතෘවරයාගේ ජීවිත කාලය තුළ හා ඔහුගේ මරණය ද සිදුවූ දින සිට අවුරුදු හැත්තෑවක කාලයක් තුළ ආරක්ෂා වේ. ඔහුගේ මරණයෙන් පසුව ඒවා දරුවන්ට අයත් වේ.
ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමකදී අදාළ ප්‍රදේශයේ පළාත්බද මහාධිකරණයෙන් එකී ප්‍රකාශන අයිතිය උල්ලංඝනය සිදු කරන ක්‍රියාව පැළැක්වීම සඳහා තහනමක් ලබාගත හැකි අතර සිදුවූ හානිය වෙනුවෙන් අලාභ ඉල්ලා නඩු පැවරිය හැකිය. ප්‍රකාශන අයිතිය කඩකිරීම අපරාධ වරදකි. එවැනි අවස්ථාවකදී මහේස්ත්‍රාත් අධිකරණය හරහා නඩු අසනු ලබයි. බොහෝවිට ලක්ෂ පහක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් ලැබෙයි. මෙම ආරක්ෂක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සාදන ලද පිටපත් බව දැනගෙනම එවැනි කෘතියක පිටපත් විකුණන හෝ කුලියට දෙන හෝ වෙනත් වාණිජමය කාර්යයකට යොදා ගැනීමද වරදක් වන අතර එවැනි අයකුද වරදකරු වුවහොත් ඉහත කී දණ්ඩනයටම යටත් වේය යනුවෙන් 178 වෙනි වගන්තියෙහි දක්වා ඇත.