2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද ආරම්භ වනවා.
ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9 වැනිදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වනවා.
සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වැනිදාත් 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වැනිදාත් නව විෂය මාලාව ආරම්භ වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.