/
/
title icon
කෝටි පනහක කුෂ් කටුනායකින්
කෝටි පනහක කුෂ් කටුනායකින්
News Editor
1 day ago
Share:
කෝටි පනහක කුෂ් කටුනායකින්

රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.

ඔවුන්ගේ ගමන් මළු තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 50ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන්තොටුපොළින් සොයාගත් ප්‍රමාණයෙන් වැඩිම සහ වටිනාකමින්ද ඉහළම මත්ද්‍රව්‍ය තොගය බව වාර්තා වනවා.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචිකරුවන් බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required