වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයා ගෙන තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, මත්පැන් ඔවුන්ට අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.