අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඔහු අද ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවත් සඳහන් කළා.
එසේම ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි පියවර ගනු ලැබුවේ.
නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනිදා කැඳවීමට නියමිතයි.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.