/
/
title icon
ගැඹුරු පීඩන අවපාතය නිසා උතුරට මිලිමීටර් 100ට වැඩි වැසි
ගැඹුරු පීඩන අවපාතය නිසා උතුරට මිලිමීටර් 100ට වැඩි වැසි
News Editor
8 months ago
Share:
ගැඹුරු පීඩන අවපාතය නිසා උතුරට මිලිමීටර් 100ට වැඩි වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, හෙට (10) සවස් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා.

අද (09) පස්වරු 4ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා.

ගැඹුරු පීඩන අවපාතය අද සවස 1 පමණ වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණා.

මේ අතර, දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

වයඹ, මධ්‍යම, සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං අපේක්ෂා කරනවා.

වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකියි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required