/
/
title icon
2025 විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින් වාර්තාවක්
2025 විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින් වාර්තාවක්
News Editor
13 hours ago
Share:
2025 විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින් වාර්තාවක්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 වසරේදී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ මුළු වටිනාකම ඩොලර් බිලියන 8.07 ක් ලෙසින් සටහන්ව ඇතැයි සඳහන්.

මෙය 2024 වර්ෂය තුළ ද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 6.57 හා සැසඳීමේ දී 22.8%ක ඉහළයාමක්.

මීට පෙර වසරක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2016 වසරේ දී වාර්තා වූ අතර එය ඩොලර් බිලියන 7.24ක්.

මේ අතර මෙතෙක් ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 879.1 ක් වනවා.

මීට පෙර 2020 දෙසැම්බර් මාසයේ දී ලැබී තිබුණු ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය මෙතෙක් ඉතිහාසයේ තනි මාසයක් තුළ වාර්තා වී තිබුණු ඉහළම මාසික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required