/
/
title icon
"රන් සීනු නාද කළ" රාජු බණ්ඩාර ජීවන ගීයට සමුදෙයි
"රන් සීනු නාද කළ" රාජු බණ්ඩාර ජීවන ගීයට සමුදෙයි
News Editor
15 hours ago
Share:
"රන් සීනු නාද කළ" රාජු බණ්ඩාර ජීවන ගීයට සමුදෙයි

ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසුවුණා. 

මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ, හද වේදනා මෙසේ,රඟදෙන පරණ තාල, ඔය රූ සෝබා, රෝස මල් කුමාරි, කඳුලේ තනිවී, කඳුලැලි දෑසේ නෑ රඳවා, හද ගී පොතේ පිටුවක් ඉරා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් රසික ජන හද දිනාගත් රාජු බණ්ඩාර මහතා වාදන ශිල්පියකු ලෙසද අපූර්ව දස්කම් පෙන්නුම් කළ අයෙක්‍. 

එසේම, අවස්ථා කිහිපයකදී ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසද ප්‍රතිභාවක් දැක්වූ රාජු බණ්ඩාර මහතා රූපවාහිනී රියැලිටි වැඩසටහන්වල විනිශ්චයකාරවරයෙකු ලෙස ජනාදරය දිනාගෙන සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required