/
/
title icon
කිරි තේ කෝප්පයක මිල දහයකින් බසී
කිරි තේ කෝප්පයක මිල දහයකින් බසී
News Editor
2 hours ago
Share:
කිරි තේ කෝප්පයක මිල දහයකින් බසී

කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි මිල අද දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙලෙස කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බවයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 125 කින් සහ ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required