/
/
title icon
ජනවාරියේ පළමු දින 15ට සංචාරකයින් 131,898ක්
ජනවාරියේ පළමු දින 15ට සංචාරකයින් 131,898ක්
News Editor
1 hour ago
Share:
ජනවාරියේ පළමු දින 15ට සංචාරකයින් 131,898ක්

2026 වසරේ ගතවූ පළමු දින 15 තුළදී පමණක් මෙරටට සංචාරකයින් 131,898 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15 වැනිදා වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් ක්. 

ගතවූ එම දින 15 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 23,786ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. 

ඊට අමතරව, රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required