හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය පැදවූ මෝටර් රථයේ අද අලුයම තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඇය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය පවසනවා.
කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී එම රිය අනතුර සිදුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.