සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවා.
පළමුව අමාත්‍යවරු අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා සුව දුක් විමසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරු මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ම බැහැදැක, සුවදුක් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබඳ කතාබහක නිරත වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබදව ද, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා සවිස්තරව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තා.