/
/
title icon
GMOA වෙදුන් ජනවාරි 23 සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල
GMOA වෙදුන් ජනවාරි 23 සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල
News Editor
17 hours ago
Share:
GMOA වෙදුන් ජනවාරි 23 සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල

ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

අද පැවැති ඔවුන්ගේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළා.

2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළා.  

කෙසේ වෙතත්, අදාළ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බව එම සංගමය පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required