ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,729ක් ඉක්මවා ගොස් තිබූ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 95.86 අගයක සටහන්ව තිබුණා.
ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ රන් සහ රිදී මිල වේගයෙන් ඉහළ යෑම දක්නට ලැබුණා.
මේ වනවිට නැවතත් රන් සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එවන් පසුබිමක මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, මෙරට රත්‍රං මිල අද උදෑසන 8ට සාපේක්ෂව රුපියල් 2,000කින් ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව අද පස්වරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 342,200ක් ලෙස සටහන් වුණා.
මේ අතර ඊයේ දිනයේ දී රු. 368,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.