/
/
title icon
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු විසඳන්න නිසි යාන්ත්‍රණයක් - ජනපතිගෙන් සහතිකයක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු විසඳන්න නිසි යාන්ත්‍රණයක් - ජනපතිගෙන් සහතිකයක්
News Editor
14 hours ago
Share:
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු විසඳන්න නිසි යාන්ත්‍රණයක් - ජනපතිගෙන් සහතිකයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වෙමිනුයි.

දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දී තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි සඳහන්. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්,  ඒ සඳහා තම දායකත්වය ලබාදීමට සූදානම්  බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required