/
/
title icon
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්
News Editor
3 days ago
Share:
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් මහතා පවසනවා. 

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළා. 

මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා පැවසුවා. 

චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, අද මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැදුටු අවස්ථාවේදීයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required