ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජය නියෝජනය කරමින් පත්කරන පුද්ගලයින් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබෙනවා.
ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන්ගේ නම් ඊට යෝජනා කර ඇතැයි සඳහන්.
මීට පෙර එහි කටයුතු කළ සිවිල් සමාජය නියෝජනය කළ සාමාජිකයින් තිදෙනාගේ ධුර කාලය අවසන්වීමෙන් අනතුරුවයි මෙලෙස නව සාමාජිකයින් පත් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් උසස් නිලතල සඳහා පුද්ගල නාම ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම සහ ජනාධිපතිවරයා විසින් උසස් නිලතල සඳහා නාමයෝජනා කර එවනු ලබන පුද්ගල නාම අනුමත කිරීම ඇතුළු කාර්යයන් සිදුකරනු ලබනවා.