/
/
title icon
TRC හිටපු ලොක්කා අනූෂ පැල්පිට රිමාන්ඩ්
TRC හිටපු ලොක්කා අනූෂ පැල්පිට රිමාන්ඩ්
News Editor
2 days ago
Share:
TRC හිටපු ලොක්කා අනූෂ පැල්පිට රිමාන්ඩ්

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, එම කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ, 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required