ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා පැවසුවේ ඒ අනුව මෙම වැඩවර්ජනය ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් ඇතුලු සියලුම රෝහල්වල ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්, මානුෂීය පදනම මත ළමා රෝහල්, මාතෘ රෝග, පිළිකා සහ වකුගඩු සම්බන්ධ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ හදිසි ප්‍රතිකාර සේවාද කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමටද කටයුතු කර ඇති බවයි.
එමෙන්ම මෙම වැඩවර්ජනය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවන බවත්, වෛද්‍යවරුන්ට මතුව ඇති මෙම ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කිරීමට පියවර ගත් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.
ඇතැම් අවස්ථාවල මෙම සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා නොදීමටද රජය විසින් කටයුතු කළ බවත් ඔහු පැවසුවා.