/
/
title icon
මහනාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30
මහනාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30
News Editor
1 day ago
Share:
මහනාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් අද දැනුම්වත් කළා. 

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියා. 

මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළා. 

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30 වැනිදා වෙසක් රාජ්‍ය උත්සය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බව මහාචාර්ය චන්දන අබේරත්න මහතා කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required