/
/
title icon
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 කට පත්වීම්
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 කට පත්වීම්
Nishani Upeksha
9 hours ago
Share:
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 කට  පත්වීම්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා පුද්ගලයන් 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

කෙසේ වෙතත් රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සැලසුම් කර තිබුණේ  2021 වසරේ වන නමුත් එම තරඟ විභාගය පවත්වන ලද්දේ 2025 වසරේ දීය.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා  226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත  තරඟ විභාගය අනූව සුදුසුකම් සපුරන ලද  246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර ඉහත 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617 ක් වන අතර, 1,906 ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් රජයේ වැඩපිළිවෙළට අනුව එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

Gallery

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 කට  පත්වීම්
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required