/
/
title icon
රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට, කැරට් 24 ලක්ෂ හතර ආසන්නයේ
රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට, කැරට් 24 ලක්ෂ හතර ආසන්නයේ
News Editor
11 hours ago
Share:
රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට, කැරට් 24 ලක්ෂ හතර ආසන්නයේ

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි.

මේ අතර, විශේෂඥයින් මත පළ කරන්නේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවටයි.

එවන් පසුබිමක ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිලද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය වෙළෙඳුන් පවසනවා. 

කැරට් 24ක රන් පවුමක් 397,000ක් ලෙස සටහන් වන අතර,  කැරට් 22ක පවුමක මිල රුපියල් 362,200ක් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required