පවතින් ගැටලු කඩිනමින් විසඳීමට බලධාරීන් කටයුතු නොකළහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවනවා.
මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පටිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර, එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ලෙස බලපා ඇති බව ඔවුන් එමඟින් පවසනවා.
එමෙන්ම, රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහළ දමා ඇති පසුබිමක, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කිරීම බරපතළ ගැටලුවක් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.