/
/
title icon
වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට රජයේ අවධානය
වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට රජයේ අවධානය
Nishani Upeksha
5 days ago
Share:
වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසුවා.

ඊයෙ (27) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

සියවසකට අධික ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනයට තරුණ රැකියා උත්පාදනය උදෙසා ඉටුකරන මෙහෙවර අගය කරන බවත් , වේගයෙන් වෙනස් වන ලෝකය සමඟ ඇතිවන අනාගත අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට අවශ්‍ය කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගත යුතු බවත්, අලුත් දේවල් ඉගෙනීමට ඇති කුතුහලය සහ උවමනාව කිසිදා අතහැර නොගත යුතු අතර, වෘත්තීය පුහුණු ආයතනයකින් ලැබෙන වැදගත්ම දායාදය වන්නේ 'ඉගෙන ගන්නා ආකාරය' ඉගෙන ගැනීම බවත් , රටේ ආර්ථික හා සමාජීය දියුණුවට නායකත්වය දෙන කොටස්කරුවන් ලෙස, රටට සහ ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යතුමිය තව දුරටත්  පැවසුවාය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required