රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රමුඛ පිරිස අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නඩු විභාගය ලබන පෙබරවාරි දෙවැනිදාට කල්තැබීමට සහ සැකකරුවන් එදින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම් සම්සුදීන් මහතා නියෝග කළා.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.