ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝර්ජියේවා මහත්මිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.
මෙරටට ලබාදී ඇති ණය පහසුකම්වල සාර්ථකත්වය සොයා බැලීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබාදීම සහතික කිරීම ඇයගේ මෙම ගමනේ මූලික අරමුණ බව සඳහන්.
ඇය දිවයිනට පැමිණෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.