" මතින් තොර රටක් - සතුටින් පිරි හෙටක් " නිර්මාණය කිරීම දැක්ම කර ගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි මස 29 දක්වා කළ වැටලීම් වලින් සැකකරුවන් 82671දෙනකු අත්අඩංගවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසනවා.
එසේ වැටලීම් වලදී සොයා ගැනුණු මත්ද්‍රව්‍ය තොග අතර හෙරෝයින්,අයිස්,කොකේන්,ගංජා,කූෂ්,හෂීෂ්,මත්පෙති,මදනමෝදක,මාවා වැනි මත්ද්‍රව්‍ය වර්ග තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 1695 දෙනෙකු රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 1498 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇත.