/
/
title icon
ප්‍රජා ශක්ති ජාතික දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමක්
ප්‍රජා ශක්ති ජාතික දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමක්
Nishani Upeksha
3 days ago
Share:
ප්‍රජා ශක්ති  ජාතික දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමක්

දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය  දිළිඳු බව තුරන් කර සමාජය සවිබලගැන්වීම සඳහා සංවර්ධන කමිටු සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන  කෑගල්ල සණස කැම්පස්හිදි ඊයේ (29) පැවැත්වුනා. ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබලගැන්වීම් ගරු අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක්  ග්‍රාමිය හා වතු ආශ්‍රිත ජනතාව බවත් , එම අන්ත දරිද්‍රතාවය  තුරන් කිරීම සදහා සක්‍රීයව දායක  විම  සඳහා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා (CDC) සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීම එහිදි සිදු කෙරුණි.

මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබල ගැන්වීම්  අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා,   ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කපිල ගුණරත්න මහතා ,  ප්‍රාදේශිය ලේකම් වරුන් දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය ඇතුළු  සැලසුම් අංශයේ නිලධාරීන් ඇතුළු  පිරිසක් සහභාගි වුහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required