බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මූලික කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.
බහාලුම් පැමිණීම, ඒවා රඳවා තැබීම සහ පිට කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා තොරතුරු ලබා ගැනීමක් කළ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මීළඟට කැඳවන නිලධාරීන් කවුදැයි විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීමේ තීරණය කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වී මාස තුනකදී විමර්ශන කටයුතු අවසන් කිරීමට නියමිතයි.