ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත් විය.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් සහභාගීව සිටි අතර සබීනා පළමු 20 දෙනොගේ වටයටත් පසුව අවසන් තිදෙනා අතරටත් තේරී පත්විය. එසේම ඇය Mrs Photogenic සම්මානයද මෙවර තරගයේදී දිනා ගෙන තිබේ.
තායිලන්තය නියෝජනය කරමින් සහභාගි වූ චනිටා සීඩාකෙට් ක්‍රේත්‍රෝන් මෙවර විවාහක රූ රැජින තරඟයෙන් ජයග්‍රහණය කර ඇත. දෙවැනි ස්ථානය ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ පේජ් එවින්ග් හිමි කරගෙන ඇත.